ගගවටකෝරළේ ප්‍රාදේශීය සභාවේ වරිපනම් කලාපය පුළුල් කිරීමේ වැඩසටහන – 2025,2026

 ගගවට කෝරළය ප්‍රාදේශීය සභා බලප්‍රදේශය දියුණු ගම් ප්‍රදේශයක් ලෙස  2014.11.28 දින හා 11-918 අංක දරණ ගැසට් නිවේදනය  පදනම් කොටගෙන 2014 වර්ෂයේ සිට  දියුණුගම් ප්‍රදේශයක් බවට ප්‍රකාශයට පත් කොට ඇත. ඒ තුල වරිපනම් බදු අයකිරීම සීමිත ප්‍රදේශ කිහිපයකින් සිදු කරන අතර එම ආදායම පදනම් කොටගෙන මුළු බලප්‍රදේශයේම සංවර්ධන කටයුතු ඇතුළු මහජන අවශ්‍යතාවයන් ඉටු කරනු ලබයි.  නමුත් සංවර්ධනයේ ප්‍රතිලාභ මුළු බලප්‍රදේශය පුරාම ක්‍රියාත්මක කිරීම සදහා  දැනට පවත්නා ආදායම වැඩිකරගත යුතු අතර ඒ සදහා වන එක් ක්‍රියාමාර්ගයක් ලෙස වරිපනම් බලප්‍රදේශය පුළුල් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

2024 වර්ෂයේ මෙම වැඩසටහන ආරම්භ කළ අතර එය සම්පූර්ණ කිරීම සදහා පියර කිහිපයක් සම්පූර්ණ කළ යුතුය. එනම්

  • ගගවටකෝරළය ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ දැනට වරිපනම් අයනොකරන ප්‍රදේශ කලාප කිහිපයකට වෙන්කොට එක් එක් කලාප වල දේපළහිමියන්ගේ තොරතුරු ලබාගැනීම.
  • එම දේපළ හිමියන් වෙත ගොස් ඔවුනගේ දේපළ විස්තර ලබාගැනීම හා ලබාගත් තොරතුරු නිවැරදි කිරීම.
  • දේපළ හිමියන් වෙතින් ලබාගත් තොරතුරු පරිගණක ගත කිරීම හා ලිපිගොනු සකස් කිරීම.
  • තොරතුරු පරිගණකගත කිරීමෙන් හා ලිපිගොනු සකස් කිරීමෙන් අනතුරුව නැවත සියළුම දේපළ හිමියන් වෙත ගොස් තක්සේරු දෙපාර්තමේන්තුවට දේපළ හදුනාගත හැකිවන පරිදි වරිපනම් අංක දළ වශයෙන් අංකනය කිරීම. එලෙස දළ වශයෙන් අංක කිරීම මේවන විට සම්පූර්ණයෙන්ම අවසන් කොට ඇති අතර ඒ අනුව වෙන්කළ කලාප වලට අදාළව හදුනාගත් දේපළ ප්‍රමාණය පහත පරිදි වේ.
අනු අංකයකලාපයේ නමදේපළ ප්‍රමාණය
1පේරාදෙණිය පැණීදෙණිය කලාපය1071
2සරසවිගම මහකන්ද කලාපය1379
3හන්තාන කලාපය972
4හීරුස්සගල බෝවල කලාපය1022
5හාරගම කලාපය3415
6තැන්නෙකුඹුර කලාපය1714
7අම්පිටිය කලාපය1744
හදුනාගත් නව වරිපනම්  කලාප ගණන11317

ඒ අනුව බෝවල කලාපයට අදාළ නව වරිපනම් ඒකක ගණන 4444 වන අතර අම්පිටිය හා තැන්නෙකුඹුර කලාපයට අදාළ නව වරිපනම් ඒකක ගණන 7173 කි.

මෙලෙස දේපළ හදුනාගැනීම දෛනික පදනම මත බදවාගත් සේවකයින් විසින් සිදුකළ අතර  ඉන්පසු තක්සේරු දෙපාර්තමේන්තුව දේපළ තක්සේරු කිරීම හා ස්ථීර අංක ලබාදීම ආරම්භ කළ අතර බෝවල කලාපයේ කටයුතු අවසන් කොට ඇති අතර ගුරුදෙණිය තැන්නෙකුඹුර ප්‍රදේශ වල දේපළ තක්සේරු කිරීම සිදුකරමින් පවතී.   

PROJECTS

Development of Peradeniya Fair Land

Construction of Tannekumbura Shops