
අප ගැන

ගරු ලේකම්තුමාගේ පණිවිඩය
අයි.එම්.එස්.කේ. මහින්ද ඉදිසූරිය මයා
මහනුවර කඩවත් සතර සහ ගඟවට කෝරළේ ප්‍රාදේශීය සභාව මහනුවර හා සෙංකඩගල මැතිවරණ කොට්ඨාස දෙකෙහි කොටස්වල එකතුවක් ලෙස සෑදී ඇත. මෙම බල ප්‍රදේශයේ 125000කට වඩා වැඩි ජනතාවක් වාසය කරනු ලබයි. වර්ග කිලෝමීටර් 75කින් පමණ සමන්විත මෙම බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 25කින් පමණ සමන්විත වේ.
අම්පිටිය, තැන්නේකුඹුර හා බෝවල ලෙස කලාප 03කින් සමන්විත වන මෙම බල ප්‍රදේශය අම්පිටිය ප්‍රධාන කාර්යාලයෙන් සහ බෝවල උප කාර්යාලයෙන් සමන්විත වේ. ප්‍රධාන පුස්තකාල 05කින් සමන්විත වන අතර, ආයුර්වේද සායන, මාතෘ සායන, ක්‍රීඩාංගන පහසුකම්, ආදාහනාගාර සේවා, ශාලා පහසුකම් ආදී සේවාවන් ලබා ගත හැකි වීම ද සුවිශේෂී වේ. වඩාත් වැදගත්ම සේවාව වන්නේ කසළ කළමනාකරණ කටයතු ය. මෙම සියලු සේවා සැපයීම සඳහා සභාව සතුව 110ක පමණ සේවක මණ්ඩලයක් හා වාහන 25ක් පමණ ප්‍රමාණයක් පවතී.
වරිපනම් ආදායම ව්‍යාපාර බදු, කර්මාන්ත බදු, මුද්දර බදු, උසාවි දඩ වෙනත් සේවා සඳහා අය කිරීම් ඇතුළු ආදායම් රැස්කර උපයෝගිතා සේවා සැපයීම මෙම සභාවේ කාර්යයකි. මෙම වර්ෂයේ වාර්ෂික ආදායම රුපියල් කෝටි 30කට වැඩි වන අතර 2024 වර්ෂයේ සමස්ථ ඉලක්කගත ආදායම රුපියල් තිස්තුන් කෝටියක් පමණ වෙතැයි අපේක්ෂා කෙරේ.

දැක්ම
“ජනතා මෙහෙවර උදසා මහනුවර කඩවත් සතර සහ ගඟවට කෝරළේ ප්‍රාදේශීය සභාව යහ පාලනය තුළින් මැදරටෙහි විශිෂ්ඨත්වය කරා….

මෙහෙවර
“සීඝ්‍රයෙන් නාගරීකරණය වන මහනුවර කඩවත් සතර සහ ගඟවට කෝරළේ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ ජනතාවගේ කාලීන අවශ්‍යතා ඉටු කරමින්ද, පාරම්පරික සංස්කෘතික උරුමයන් රැක ගනිමින්ද,සුඛිත මුදිත යහගුණයෙන් හෙබි බුද්ධිමත් ජන සමාජයක් බිහි කිරීමට දායක වීම.”

ජනවිකාසය
ජනගහනය
125,400
පරිපාලන ප්‍රදේශය
28.53 km²
ඝනත්වය
4,591/km2 (11,890/sq mi)
